RSS

MADU RIVER SAFARI SILVER


 මාදු ගගේ බෝට්ටු සවාරිය 
(මෙම  පැකේජය සෑම දිනකම ක්‍රියාත්මකයි)

අපෙන් ඔබට - 
1. මාදු ගගේ බෝට්ටු සවාරිය පැය 02 ක්.
2.  සෑම දෙයක්ම විස්තර කරන පළපුරුදු  රියදුරු මහතෙකු සමග බෝට්ටුව 


( අවුරුදු 05ට  අඩු දරුවන් සදහා කිසිදු මුදලක් අය නොකරේ)

Place _ Suduhansa Madu Boat Safari Tours  (Search Google Map)
             Balapitiya
                                 
සහභාගි වෙන පිරිස අනුව මිල ගණන් වෙනස්වේ

01ක් පමණක් සහභාගිවේ නම් - රු 2900
02ක්  පමණක් සහභාගිවේ නම් - රු 3000
03ක්  පමණක් සහභාගිවේ නම් - රු 3100
04ක්  පමණක් සහභාගිවේ නම් - රු 3250
05ක්  පමණක් සහභාගිවේ නම් - රු 3500
06ක්  පමණක් සහභාගිවේ නම් - රු 3600
07ක්  පමණක් සහභාගිවේ නම් - රු 3700
08ක්  පමණක් සහභාගිවේ නම් - රු 3800
09ක්  පමණක් සහභාගිවේ නම් - රු 4000
10ක්  පමණක් සහභාගිවේ නම් - රු 4200
11ක්  පමණක් සහභාගිවේ නම් - රු 4300
12ක්  පමණක් සහභාගිවේ නම් - රු 4500
13-17ක්  පමණක් සහභාගිවේ නම් - රු 7500
18-24ක්  පමණක් සහභාගිවේ නම් - රු 8500

Book කිරිම සදහා පහත අංකය අමතන්න
0772294580


---------------------------------------------------------------------------
PHOTOS සහා තොරතුරු සදහා පහත බලන්න

ලංකාවේ ඉතාමත් වටිනා කඩොලාන පරිසර පද්ධතියකට උරුමකම් කියන මාදු ගඟ දුපත් සමූහයකින් මැදිවී තිබේ. දුපත් 64 කින් සමන්විත පාරිසරික නිර්මානයක් ලෙස පැවසෙන මාදු ගඟ තුළ අද වන විට දුපත් 64ක් දැකිය නොහැකි වී තිබේ. ජල මට්ටම් ඉහළ යාමෙන් ජලය තුළ ගිලී ගොඩබිමට සම්බන්ධ වීම එකළග ඇති කුඩා දුපත් යාවීම පස ඛාදනය වී කුඩා දුපත් දියවී යාම ආදී කරැණු නිසා මෙසේ දුපත් ගණන අඩුවන්නට ඇතැයි විස්වාශ කෙරේ. මෙහිලා මාදු ගඟ ආශ්‍රිතව කුඩා දුපත් රැසක් ඇති බවට පිළිගැනේ. මෙම දුපත් 16 අතරින් විශාලතම දුපත හෙක්ටයාර 39කට ආසන්න වපසරියෙන් යුක්තය. එම දුපත හැදින්වෙන්නේ මාදු යනුවෙනි. මාදු ගඟ යන නම ව්‍යවහාරයට පැමිණ ඇත්තේ ද මාදූව නිසා බවට විශ්වාස කෙරේ.



මාදු ගඟේ ඓතිහාසික පසුබිම

මාදු ගඟ පිහිටා ඇති බලපිටිය ග්‍රාමය පැරණි සාහිත්‍ය ග්‍රන්ථ වල සඳහන් වන්නේ වැලිතොට හෝ වැලිතර නමිනි.ගිරා සංදේශයේත් කෝකිල සංදේශයේත් පරෙවි සංදේශයේත් මයුර සංදේශයේත් සිදත් සඟරාවේත් වැලිතොට යන ග්‍රාම නාමය අපට හමුවේ. එසේම දෙවන පරාක්‍රමබාහු රජ සමයේ දී ආක්‍රමණය සඳහා ජාවක හමුදාවක් ගොඩබැස ඇත්තේ වැලිතොට තොටමුණටය.මේ අවස්ථා‍වේදී දේවපතිරාජ අමාත්‍යවරයා තම බල සේනා සමඟ එක්ව ආක්‍රමණික ජාවක හමුදාව සමුල ඝාතනය කිරිම සදහා රැදී සිටියේ මේ ප්‍රදේශයේදීය.වැලිතොට බලසේනා රැස්කර දැමීම නිසා පසුව බලපිටිය බවට පත්වූ බවට ජනප්‍රවාදයේ සඳහන් වේ.ලක්දිවට දළදා වහන්සේ රැගෙන ආ හේමමාලා කුමරිය හා දන්ත කුමරු මහසෙන් රජ සමයේදී අනුරාධපුරයට නොගොස් දකුණු වෙරළේ වැලිනදී තොටමුණෙන් කොත්දුවට වැඩමවා සිට කිත්සිරි මෙවන් රජු සිහසුනට පත්වු පසු නැවත ගිය බව ජනප්‍රවදයේ පවතින තවත් විශ්වාසයකි.කොත්දුවේ දළදාවහන්සේ වැඩසිටි නිසා එම කොත් දුවට පරිවාර වන පරිදි අවට ගම් බිම් වල විහාරස්ථාන 23 පමන මෙම තෙත් බිම් කලාපයේ අදටද දැකගත හැකි ය.

ශාක ප්‍රජාව

මාදු ගඟ කඩොලාන පරිසර පද්ධතියකට හොඳ උදාහරණයකි. බෙරිය, රතුමිල්ල, කිරල, එළකඩොල්, තෙලකීරිය හා මල් කඩොල් වැනි කඩොලාන ශාක මාදු ගඟ ආශ්‍රිතව පවතී. රතමිල්ල නම් කඩොලාන ශාකය ලංකාවට ආවේණික නැතත් එය ලංකාවේද දැකගත හැක්කේ මාදු ගඟ ආශ්‍රිතවය.
එසේම මාදු ගඟ ආශ්‍රිත ප්‍රදේශයේ ඇති ශාක ප්‍රජාව අතර නා, බෝවිටියා, වල්දෙල්, ඉදි, කුරුදු වැනි ශාකද ඕලු, නෙලුම්, කෙකටිය වැනි ජලජ පැලෑටිද රැසක් අපට දැකගතහැකි වේ.

සත්ව ප්‍රජාව

මාදු ගඟ ආශ්‍රිත ජීවත්වන සත්ව විශේෂ ගත් විට ක්ෂීරපායී විශේෂ 18ක් පමණ මේ ආශ්‍රිතව ජීවත් වන බවට සොයා ගෙන තිබේ.කළුවදුරන්, වව්ලන්, මීයන්, දිය බල්ලන්, නරියන්, හදුන් දිවියන් ,ඉත්තෑවන්, මුගටින්, හෝතඹුවන් ,උරුලෑවන්, කලවැද්දන් එම ක්ෂීරපායීන් අතර වේ.එසේම පිඹුරා, ඇහැටුල්ලා, ආහරකුක්කා, නිදිමාපිලා, ගැරඩියා, දිය නයා, තිත් පොළඟා, කුණකටුවා ,ගල් ඉබ්බා, කිරි ඉබ්බා, පළාකටුස්සා, ගරාකටුස්සා, පිනුම්කටුස්සා, කබරගොයා, තලගොයා ආදී උරග හා උභයජීවී සාමාජිකයෝද රැසක් සිටිති. ලෝක සංරක්ෂණ සංගමය සිදුකරන ලද අධ්‍යයනයකදී උරග විශේෂ 28ක් ද උභයජීවී විශේෂ 13ක් ද සිටින බව හෙලි වී තිබේ. එමෙන්ම සමනල විශේෂ 60ක් ද ජලජ ගොළුබෙලි විශේෂ රාශියක් හා කිවුල්දිය හා මිරිදිය මත්ස්‍ය විශේෂ 50ක් පමණද සිටින බව සොයාගෙන ඇත.
කුරැලු පාරාදීසයක් ලෙස සැලකෙන මාදු ගඟ පරිසර පද්ධතියේ පක්ෂි විශේෂ 100ක් පමණ දැකගත හැක.දියකාවුන්, කොකුන්, කොරවක්කන්, පිළිහුඩුවන් මෙන්ම ලංකාවට ආවේණික කුරුල්ලන් වන ගිරා මලිත්තා,හිස දුඹුරු දෙමලිච්චාද මාදු ගඟ තුරුලතා වල නිතර ගැවසේ.


PHOTOS
























  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS
Read User's Comments0

create

Suduhansa Speed Dream Web Team - 075 99 50 500




Contact Form

Name

Email *

Message *